පුටින් ජර්මන් චාන්සල්වරිය හමුවෙයි



ජර්මනියේ නිල සංචාරයක යෙදෙන රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ජර්මන් චාන්සල්වරිය අතරේ ද්වී පාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීමට සාකච්ඡා පැවැත්විණි.

රුසියානු ජනාධිපති පුටින් ජර්මනියට පැමිණියේ ඊයේ (19) ය. දෙරටට වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් පුටින් සහ ජන්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මාකෙල් අතරේ සාකච්ඡා පැවැත්විණි.

සිරියානු අර්බුදය සම්බන්ධයෙන් ද දෙදෙනා අතර සාකච්ඡා පැවැත්විණි. රුසියානු ජනාධිපති පුටින්, ජර්මන් චාන්සල්වරියගෙන් ඉල්ලා සිටියේ සිරියාකු රජය යළි ගොඩනැගීමට මූල්‍ය ආධාර ලබා දෙන ලෙසය. මෙම ඉල්ලීම ජර්මන් චාන්සල්වරිය ප්‍රතික්ෂේප කළාය.

(රොයිටර්)

 


RECOMMEND POSTS