පිලිපීන වැසියන්ගෙන් චීනයට විරෝධයක්



චීනයෙන් පිට පළමු කොරෝනා මරණය පිලිපීනයෙන් වාර්තා වීමත් සමඟ පිලිපීන වැසියන්ගෙන් එරට චීන ජාතිකයන්ට කෙණෙහිලිකම් එල්ල වන බව වාර්තා වේ.

පිලිපීනයේ චීන ජාතිකයන් කොන් කිරීමක් හෝ ඔවුන්ට කෙණෙහිලිකම් කිරීමක් හෝ නොකරන්නැයි පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩුටරේට්ස් පිලිපීන වැසියන්ගෙන් ඉල්ලා ඇත.

‘චීනය කවදත් අපේ මිතුරෙක්. ඔවුන් අපට කරුණාවන්තයි. පිලිපීනයේ චීන ජාතිකයන්ට අප කෙණෙහිලිකම් කළ යුතු නැහැ. ඔවුන් කොන් කරන්න ඕනෑ නැහැ’ යැයි පිලිපීන ජනාධිපතිවරයා මෙසේ කීවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.

(අල් ජසීරා)


RECOMMEND POSTS