පිලිපීන ජනාධිපති ඩුටාටේ දූෂිතයෙක් හෙලිකොප්ටරයෙන් විසි කරලා



මැනිලාහිදීය (රොයිටර්)

හෙලිකොප්ටර් යානා ගමන් කරමින් තිබියදී දූෂිත නිලධාරීන් ඉන් විසි කිරීමට කටයුතු කරන පිලිපීන ජනාධිපති රොද්‍රිගු ඩුටාටේ පැවැසීය. 

“ඔබ දූෂිතයි නම්, මම ඔබ හෙලිකොප්ටරයකින් මැනිලාවලින් අරගෙන යන ගමන් ඉන් විසි කරනවා” යැයි පිලිපීන ජනාධිපතිවරයා කීය. පිලිපීන ජනාධිපතිවරයා දූෂණය හා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහිව මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටියි. 

මේ අතර පිලිපීන ජනාධිපතිවරයා නිතීවිරෝධී ඝාතන සිදු කර ඇතැයි ද විදෙස් පුවත් සේවා වාර්තා කර තිබිණි. ඔහු පුද්ගලිකවම එම ඝාතනවලට සම්බන්ධ වූ බව ද මේ වනවිට අනාවරණය වී ඇතැයි ද එම වාර්තාවල දැක්විණි. 

පිලිපීන ජනාධිපතිවරයා දූෂිත නිලධාරීන් හෙලිකොප්ටරයෙන් විසි කරන බව පැවැසුවේ එරටට බලපෑ කුණාටුවෙන් පීඩාවට පත්වූ වැසියන්ගේ සුවදුක් විමසීමට ගිය අවස්ථාවකදීය. 

ජනතාව හා රටේ කටයුතු සඳහා දෙන මූල්‍යාධාර සොරකම් කරන දූෂිත නිලධාරීන් හෙලිකොප්ටරයෙන් විසි කිරීමේ දඬුවම දෙන බව පිලිපීන ජනාධිපති ඩුටාටේ එහිදි තර්ජනය කළේය.

“මම මීට පෙරත් එය කර තිබෙනවා. එය මම ඉදිරියටත් කරනවා” යැයි ඩුටාටේ පැවැසීය. මීට පෙර ඩුටාටේ පුද්ගලයකු හෙලිකොප්ටරයෙන් විසි කළේ කවදාද කුමන් අවස්ථාවකදී යන්න මෙතෙක් අනාවරණය වී නැත. 


RECOMMEND POSTS