පිලිපීන ගුවන් යානයක් ගුවන්ගත වෙද්දී පිපිරේ



රෝගීන්, වෛද්‍යවරුන් සහ වෛද්‍ය උපකරණ රැගෙන ජපානය බලා පියාසර කිරීමට සූදානම් වූ පිලිපීන වෛද්‍ය ගුවන් යානයක් හිටිහැටියේ පුපුරා යෑමෙන් ඒ තුළ සිටි සියලු දෙනා ජීවිතක්ෂයට පත්වූහ.

යානය පුපුරා ගියේ රය මැනිලා ගුවන්තොටුපොළෙන් ගුවන්ගත වීමට සූදානම් වෙද්දීය. පුපුරා විනාශ වූයේ ඇන්ජින් දෙකකින් සමන්විත වෙස්ට් වින්ඞ් 24 වර්ගයේ කුඩා ගුවන් යානයකි.

පිපිරීමට ලක් වෙද්දී යානයේ වෛද්‍ය නිලධාරීන් තිදෙනකු, රෝගියකු, සහාය නිලධාරියකු සිටි බවත් කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනකු සිටි බවත් පැවැසෙයි.

යානය මැනිලා නුවර සිට ජපානයේ හානේඩා ගුවන්තොටුපොළ දක්වා පියාසර කිරීමට නියමිතව තිබුණු බව වාර්තා වේ. යානය පුපුරා ගියේ රාත්‍රී 8 පමණ යැයි මැනිලා ගුවන්තොටුපොළ බලධාරීහු පවසති.

යානයේ ඇමෙරිකන් සහ කැනේඩියානු ජාතිකයන් සිටි බව ද පැවැසෙයි. සෙසු පිරිස පිලිපීන ජාතිකයන්ය. යානය පුපුරා යෑම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන බව පැවැසෙයි.

මැනිලාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS