පැහැරගත් දැරියෝ 82 ක් නිදහස්



නයිජීරියාවේ බෝකෝ හරාම් ඉස්ලාමීය ත්‍රස්තවාදීන් විසින්  මීට තෙවසරකට පෙර 2014 දී පැහැර ගෙන ගිය පාසල් දැරියන් අතරින් අසූ දෙදෙනකු නිදහස ලැබුණු බව නයිජීරියා රජය කියයි.

මෙම අසූ දෙදෙනා නිදහස් කර ගැනීමට නයිජීරියා රජය සමත් වී ඇත්තේ බෝකෝ හරාම් ත්‍රස්තයන් සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් පසුවය.

ත්‍රස්තයන් විසින් මුදා හරිනු ලැබූ එම පාසල් දැරියන් නයිජීරියා හමුදා බාරයට පත් වුණැයි ද වාර්තා වේ.

තවත් දැරියන් 195 දෙනකු ත්‍රස්තයන්ගේ ග්‍රහණයේ පසුවන බව වාර්තා වේ. ඔවුන් ද මුදා ගැනීමට කටයුතු කරන බව නයිජීරියා රජය වැඩි දුරටත් කියා සිටී.

(රොයිටර්)

 


RECOMMEND POSTS