පැය 24ට වයිරස ආසාදිතයන් 338,779ක්



අවසන් පැය 24 ක කාලයේදී ලොව නන්දෙසින් නව කොරෝනා වයිරස ආසාදිතයන් 338,779 දෙනකු හඳුනාගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

එය දිනක් ඇතුළත ලොව රටවලින් වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන යැයි ද එම සංවිධානය කියයි.

ඒ අනුව අවසන් පැය 24 කාලයේදී වැඩිම වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වී ඇත්තේ ඉන්දියාව, ඇමෙරිකා එක්සත් ජනපදය සහ බ්‍රසීලය යන රටවලිනි.

අවසන් පැය 24 දී ඉන්දියාවෙන් නව කොරෝනා වයිරස ආසාදිතයන් 78,524 දෙනකු, බ්‍රසීලයෙන් ආසාදිතයන් 41,906 දෙනකු සහ ඇමෙරිකාවෙන් ආසාදිතයන් 38,904 දෙනකු හඳුනාගෙන ඇත.

අවසන් පැය 24 දී ලොව නන්දෙසින් වයිරස ආසාදිත මරණ 5,514ක් වාර්තා වී තිබේ. ඒ අනුව නව කොරෝනා වයිරස ආසාදිත ගෝලීය මරණ සංඛ්‍යාව මිලියන 1.05ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රොයිටර්


RECOMMEND POSTS