පැය 24 ඇතුළත ආසාදිතයන් 90,000 ක්



ලොව දෙවැනියට වැඩිම 'කොවිඩ් 19' ආසාදිතයන් සහ මරණ වාර්තා වන බ්‍රසීලයෙන්, ගතවුණු පැය 24 ඇතුළත 'කොවිඩ් 19' ආසාදිතයන් 90,303 ක් වාර්තා විය.

බ්‍රසීලයෙන් එක් දිනකදී වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි. ගතවුණු පැය 24 ඇතුළත බුසීලයෙන් වාර්තා වූ මරණ ගණන 2,648 කි. ඒ අනුව සමස්ත මරණ ගණන 2,82,000 පසු කළේය.

පසුගිය මාස කීපයේ ලොව දෙවැනියට වැඩිම මරණ බ්‍රසීලයෙන් වාර්තා වූ ආසාදිතයන් අතින් බ්‍රසීලය තෙවැනි ස්ථානයේ පසුවිය. දැන් යළිත් මරණ සහ ආසාදිතයන් අතින් දෙවැනි ස්ථානයේ ඇත්තේ බ්‍රසීලයයි.

සාඕ පාවුලෝ (රොයිටර්)


RECOMMEND POSTS