පැය 12 ක සටනකින් පසු ත්‍රස්ත සැකකරු මරා දැමේ



පැය 12 ක් තිස්සේ පැවැති අවි ගැටුම්වලින් පසු ත්‍රස්ත සැකකරුවකු කොට කර මරා දැමීමට ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ලක්නව් නුවර පොලිසිය සමත් විය.

උත්තර ප්‍රාන්ත ප්‍රදේශයේ ප්‍රාන්ත මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇති අතර, ඊට පෙර ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන පුද්ගලයින් සෙවීමේ දැවැන්ත මෙහෙයුමක් පොලිසිය විසින් ආරම්භ කරනු ලැබ තිබුණි.

සයිෆුල්ලා නමැති මෙම ත්‍රස්ත සැකකරු පොලිසියට කොටු වී ඇත්තේ එසේ සෝදිසි කරද්දීය. මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ බෝපාල් බලා යන දුම්රියකට බෝම්බ ගැසූ අයකු ලෙස සයිෆුල්ලා සැළකෙයි. දුම්රියට එල්ල වුණු බෝම්බ ප්‍රහාරයෙන් නව දෙනෙක් තුවාල ලැබූහ.

සයිෆුල්ලා ඨාකුර්ගානී නමැති ගම්මානයේ නිවසක සැඟවී සිටියේය. පොලිසිය නිවස වටලා ඔහු අල්ලා ගැනීමට උත්සාහ දැරූ අවස්ථාවේදී දෙපිරිස අතර වෙඩි හුවමාරු විය. පොලිසිය නිවසට කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළේය. අවසානයේ පැය 12 ක සටහකින් පසු සයිෆුල්ලා මරා දැමීමට ලක්නව් පොලිසිය සමත් විය.

(එන්.ඩී.ටීවී)

 


RECOMMEND POSTS