පාප්තුමා නිරූපිකාවකගේ ඡායාරූපයකට ලයික් දාලා



ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමාගේ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුම හරහා බ්‍රසීලයේ සරාගී නිරූපිකාවකගේ ඡායාරූප කීපයකට ‘ලයික්’ වැටී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින්, වතිකානය පැහැදිලි කර ඇත්තේ, පාප්තුමාගේ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුම පවත්වාගෙන යන්නේ පාප්තුමන් නොවන බවත්, බ්‍රසීල නිරූපිකාවට ‘ලයික්’ වැටුණේ කෙසේදැයි සොයා බලන බවත්ය.

පාප්තුමන්ගේ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුම හරහා ‘ලයික්’ වැටී ඇත්තේ නටාලියා ගරිබෝටෝ නමැති නිරූපිකාවගේ ඡායාරූපවලට යැයි ද පැවැසෙයි.

වතිකානයේදීය (රොයිටර්)


RECOMMEND POSTS