පාකිස්තානයේ විරෝධතා



අධිකරණ ඇමැති සහීද් හමීද් දෙවියන්ට අපහාස කළේ යැයි චෝදනා නගමින් පාකිස්තාන මුස්ලිම් අන්තවාදීන් ආරම්භ කර ඇති විරෝධතා මේ වනවිට ප්‍රචණ්ඩකාරී වී ඇති බවත්, එම විරෝධාකරුවන් මර්දනයට පාකිස්තාන රජය හමුදාව යොදවා ඇති බවත් වාර්තා වේ.

විරෝධතා පැවැත්වෙන්නේ පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරය. හමුදාව මැදිහත්වීමත් සමඟ දරුණු ගැටුම් හටගත්තේය. 200 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.

පිරිස විරෝධතා පැවැත්වූයේ ෆයිසාබාද් අධිවේගී පිවිසුම හරස් කරමිනි.අධිකරණ ඇමැති සහීද් හමීද්ගේ පන්ජාබයේ පිහිටි නිවසට ද විරෝධතාකරුවන් පිරිසක් පහර දී ඇති බව ද වාර්තා වේ.

එම අවස්ථාවේදී ඇමැතිවරයා හෝ ඔහුගේ පවුලේ අය කිසිවකු හෝ නිවසේ සිට නැත. ඉස්ලාමාබාද් අගනුවර පමණක් නොව, මේ වනවිට කරච්චියේ ද විරෝධතා හටගෙන ඇතැයි පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS