පාකිස්තානයේ ක්වෙටා නුවර බෝම්බයක් පිපිරේ



පාකිස්තානයේ ක්වෙටා නුවර ආගමික රැලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයෙන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු අතර, තුවාල ලැබූ ගණන 25 කට වැඩිය.

ආගමික රැලිය සංවිධානය කර තිබුණේ අහ්ලේ සුන්නත් වල් ජමාත් දේශපාලනික කණ්ඩායමය. පළාතේ ක්‍රියාත්මක සන්නද්ධ කල්ලි රැසක් මෙම දේශපාලන කණ්ඩායමට සහාය දක්වන බව ද පැවැසෙයි.

ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු පාර්ශ්වයක් විසින් බාර ගනු ලැබ නැත. ප්‍රහාරය එල්ල කරන්න ඇත්තේ අහ්ලේ සුන්නත් වල් ජමාත් සංවිධානයේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයක් යැයි ක්වෙටා පොලිස් ප්‍රධානී අබ්දුල් එසාක් චීමා මාධ්‍ය හමුවේ පවසා ඇත.

ක්වෙටාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS