පාකිස්තානයේ ආසාදිතයෝ ලක්ෂ දෙකක්



පාකිස්තානයෙන් වාර්තා වන ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂ 2 පසු කර තිබේ.

අද (29) උදෑසන නව ආසාදිතයන් 3,602 හමුවීමත් සමඟ පාකිස්තානයේ සමස්ත ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන 2,06,512 දක්වා ඉහළ ගියේය.

ගතවුණු පැය 24 ඇතුළත පාකිස්තානයෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 49 කි. ඒ අනුව සමස්ත මරණ 4,245 තෙක් ඉහළ ගියේ යැයි පාකිස්තාන සෞඛ්‍ය බලධාරීන් නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.

ඉස්ලාමාබාද්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS