පාකිස්තාන සොල්දාදුවන්ට ප්‍රහාරයක්



පාකිස්තාන හමුදාවේ අතිරේක භට කණ්ඩායමක් ගමන් කරමින් තිබූ රිය පෙරහරකට බලුකිස්තානයේදී ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයෙන් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

බලුකිස්තානය යනු පාකිස්තානයට අයත් පාලන ප්‍රදේශයක් වන අතර බලුකිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන්නේ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ය.

ප්‍රහාරය එල්ල වෙද්දී සොල්දාදුවන් පිරිස පාකිස්තාන රජයේ තෙල් සහ වායු සමාගමට අයත් නිලධාරීන් පිරිසකට ආරක්ෂාව දෙමින් ඔවුන් රැගෙන යමින් සිටි බව පැවැසෙයි. මියගිය පිරිස අතර සොල්දාදුවන් 7 දෙනකු සහ තෙල් සහ වායු සමාගමේ නිලධාරීන් 7 දෙනකු සිටින බව ද පාකිස්තාන පුවත් සේවා වාර්තා කළේය.

ක්වෙටාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS