පාකිස්තාන කාශ්මීරයට ඉන්දියාවෙන් ප්‍රහාරයක්



පාකිස්තාන කාශ්මීරයේ පාකිස්තාන හමුදා කඳවුරු හතරක් ඉලක්ක කර ගනිමින්, ඉන්දියාවෙන් කාලතුවක්කු ප්‍රහාර එල්ල වී ඇතැයි වාර්තා වේ.

එම ප්‍රහාරවලින් පාකිස්තාන සොල්දාදුවන් පස් දෙනකු මියගිය බව ද ඉන්දීය පුවත් සේවා වැඩිදුරටත් වාර්තා කර තිබේ.

ඉන්දු කාශ්මීරයේ හටගෙන ඇති අර්බුදය මුල්කොට ගනිමින් ඉන්දියාවත් පාකිස්තානයත් අතර පවතින ‘විරසකය’ මේ වනවිට උත්සන්න වී ඇත.

නවදිල්ලියේදීය (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS