පාකිස්තාන අන්තවාදීන්ට ප්‍රහාර



ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක පාකිස්තාන ඉස්ලාමීය අන්තවාදී කල්ලි සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල වෙමින් පවතී.

පසුගිය දින කිහිපය තුළ එල්ල වුණු එම ප්‍රහාරවලින් පාකිස්තාන අන්තවාදී කල්ලි නායකයෝ තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

ප්‍රහාර එල්ල කර ඇත්තේ ඇෆ්ගන් ආරක්ෂක අංශ සාමාජිකයන්ය. මේවනවිට ඇෆ්ගන් රජය සහ එරට ක්‍රියාත්මක තලේබාන් සංවිධානය අතර සාම ගිවිසුමක් ආරම්භ වීමට නියමිතය.

එම සාම ගිවිසුම කඩාකප්පල් කිරීමට ඇෆ්ගනිස්තානයේ පාකිස්තාන අන්තවාදීන් උත්සාහ ගන්නා බවට ඇෆ්ගන් රජය චෝදනා කර තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS