ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක්



ඉන්දුනීසියාවේ සුලාවෙසි දූපතේ පිහිටි මකාසාර් නගරයේ පිහිටි දේවස්ථානයකට එලල් වූ ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් යැයි එරට ජනාධිපති ජොකෝ විඩෝඩෝ අද (28) පැවැසීය.

ඉන්දුනීසියාව යනු ලොව වැඩිම මුස්ලිම් ජනතාවක් වෙසෙන රටයි.

දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු විඩියෝ තාක්ෂණය ඔස්සේ ප්‍රකාශයක් කරමින් එල්ල වී ඇත්තේ ත්‍රස්ත ප්‍රහාරයක් යැයි ද ඉන්දුනීසියානු ජනාධිපතිවරයා කීය.

මෙම ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකින බව ද හෙතෙම කීය.

කතෝලික බැතිමතුන් ‘ගොක් ඉරිදාව’ යනුවෙන් හැඳින්වෙන ඉරිදාව අදට (28) යෙදී තිබේ.

ඉවසීමෙන් හා සන්සුන්ව කටයුතු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ජනතාවට නිදහසේ සිය ආගමික වතාවත්වල යෙදීමට අවශ්‍ය පසුබිම කඩිනමින් තහවුරු කරන බවත් ඉන්දුනීසියානු ජනාධිපතිවරයා කීය.

ජකර්තාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS