ප්‍රංශයේ ඕර්ලි ගුවන්තොටුපළේ ත්‍රස්ත බියක්



ප්‍රංශයේ ඕර්ලි ගුවන් තොටුපළේදී එහි ආරක්ෂාවට සිටි සොල්දාදුවෙකුගේ ගිනි අවිය උදුරාගැනීමට තැත්කළ පුද්ගලයෙකු ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ විසින් වෙඩි තබා මරා දමනු ලැබිණි.

මෙම සිද්ධිය වාර්තා වීමත් සමඟ එම ගුවන් තොටුපළේ ඇතැම් කොටස් වල සිටි පිරිස් ඉවත්කරනු ලැබ ඇති අතර වෙඩි හඬ ඇසීමත් සමග මගීන් ගොඩබැස්වීමද නවතනු ලැබිණි.බෝම්බ නිෂ්ක්‍රීය අංශයද එක්ව ගුවන්තොටුපළ පුරා තවදුරටත් ආරක්ෂක මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙමින් පවතී.

පසුගිය මාසයේ එක් සිදුවීමකදී ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරය අසළදී කැපෙන ආයුධයකින් ප්‍රහාරයක් එල්ල කිරීමට තැත්කළ පුද්ගලයෙකුට සොල්දාදුවෙකු විසින් වෙඩි තබා මෙල්ලකරනු ලැබිණි.

ඕර්ලි පැරිස් නගරයේ දෙවන විශාලතම ගුවන්තොටුපළයි. එම ස්ථානයේ ආරක්ෂක බාධක යොදා ඇති අතර ජනතාවට ඉවත්වී සිටින ලෙස අනතුරු අඟවාතිබේ.

තිළිණි ද සිල්වා
බී.බී.සී ඇසුරෙනි.


RECOMMEND POSTS