ප්‍රංශ නව අගමැති දක්ෂිණාංශික මතධාරියෙක්



ප්‍රංශ ජනපති ඉමැනුවෙල් මැක්රොන් එරට නව අගමැති ලෙස කාන්සවර්ටිව් පාක්ෂික දක්ෂිණාංශික මතධාරී එදුවාද් පිලීප් නම් කළේය.

ලබන ජූනි මාසයේ දී ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙයි. එම මැතිවරණය ජය ගැනීමට 46 හැවිරිදි පිලීප්ට හැකිවනු ඇතැයි මැක්රොන්ගේ අදහසය. අගමැති ධුරය පිලීප්ට හිමිවනු ඇතැයි ප්‍රංශ දේශපාලඥ විචාරකයෝ කල් තියා අනාවැකි පළ කර තිබුණාහ.
නීතීඥවරයකු මෙන්ම ලෙ හාවේ නගරයේ පුරපතිවරයා ද ලෙස කටයුතු කළේ පිලීප්ය.

පිලීප් සහ ධුරයෙන් සමුගන්නා ප්‍රංශ අගමැති බර්නාද් චෙසෙනෝව් අතර හමුවක් පැවැත්විණි. පිලීප් අගමැති ධුරය බාර ගැනීමත් සමඟ බර්නාද් චෙසෙනෝව් අගමැති ධුරයට සමුදී පිටව ගියේය.

(රොයිටර්)

 


RECOMMEND POSTS