ප්‍රංශ නගරසභා මැතිවරණයෙන් හරිත පක්ෂය ඉදිරියට



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය හමුවේ, ප්‍රංශ නගරසභා මැතිවරණය පැවැත්වුණු අතර, ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ මධ්‍යස්ථමතධාරී දේශපාලන පක්ෂයට අභියෝගය කරමින් ඉදිරියට පැමිණීමට හරිත පක්ෂය සමත් විය.

ප්‍රංශයේ ප්‍රධාන නගර රැසක බලය අල්ලා ගැනීමට හරිත පක්ෂය සමත් ව ඇති බව මැතිවරණ ප්‍රතිඵලවලින් පෙනී යයි. නගරසභා මැතිවරණය පැවැත්වූයේ 28 ය. වාමාංශික පක්ෂ කීපයක් ද හරිත පක්ෂය සමඟ අත්වැල් බැඳගෙන සිටින අතර ලියොන්, මාසෙල් වැනි ප්‍රංශයේ ප්‍රධාන නගරවල බලය අත්පත් කර ගැනීමට මෙම පක්ෂ සමත් වූ බව මැතිවරණ ප්‍රතිඵලවලින් තහවුරු වී ඇත.

ප්‍රංශ අගමැතිවරයා ලෙස කටයුතු කරන්නේ එදුවාද් පිලීපේ ය. අගමැති ධුරය හොබවන ගමන්, පිලීපේ ලෙ හාවේ නගරසභාව වෙනුවෙන් මෙම මැතිවරණයේදී තරග වැදුණේය. ජනපති මැක්රොන්ට අස්වැසිල්ලක් වෙමින්, අගමැති පිලීපේ ජයග්‍රහණය කළේය.

මේ අතර විපක්ෂ නායිකාවක ද වන ල පෙන්ගේ අන්ත දක්ෂිණාංශික ජාතික පක්ෂය, පර්ජිග්නාන් නගර සභාව ජයග්‍රහණය කළේය. යුරෝපා සංගමයට විරෝධය දක්වන, ප්‍රංශය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු යැයි හඬ නගන දේශපාලන නායිකාවක ලෙස ල පෙන් ප්‍රකටය. ල පෙන්ගේ පක්ෂය මෙලෙස ජයග්‍රහණයක් ලැබුවේ පළමු වරටය. පර්ජිග්නාන් නගරයේ ජනගහණය ලක්ෂයකි.

පැරිසියේදීය (රොයිටර්)


RECOMMEND POSTS