ප්‍රංශ ජනාධිපති අපේක්ෂක ෆිලොන්ට ‘පිටි ප්‍රහාරයක්’



තව නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත ප්‍රංශ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂක ෆ්‍රන්සුවා ෆිලොන් ජන රැලියකට එක්වුණු අවස්ථාවේදී, විරෝධතාකරුවකු එල්ල කළ පිටි ප්‍රහාරයකට ලක් විය.

ප්‍රංශ දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස වී ඇත්තේ 63 හැවිරිදි ෆිලොන්, මීළඟ ප්‍රංශ ජනාධිපති වනු ඇතැයි කියාය. කෙසේ නමුත් පසුගිය දා ෆිලොන්ට එරෙහිව දූෂණ චෝදනා එල්ල විය.

ෆිලොන් ප්‍රංශයේ හිටපු අගමැතිවරයකු ද වෙයි. අගමැති ධුරයේ සිටිද්දී, ෆිලොන් සිය බිරියට නිල නොවන මට්ටමින් පාර්ලිමේන්තුවේ රැකියාවක් දී යුරෝ දහස් ගණනින් වැටුපක් ද ලැබීමට සලස්වා ඇත. එල්ල වී ඇති මෙම චෝදනා හේතුවෙන් ප්‍රතිවාදීන්ගෙන් පමණක් නොව, පාක්ෂිකයන්ගෙන් ද ෆිලොන්ට විරෝධයක් එල්ල වෙමින් පවතී.

ෆිලොන් පිටි ප්‍රහාරයට ලක් වූයේ ස්ටාර්බර්ග් නමැති නගරයේ ජන රැලියකට එක්වුණු අවස්ථාවේදීය. ඔහු ජනතාවට අතරට ගොස් ඔවුන්ගේ සුබ පැතුම් පිළිගනිමින් සිටිද්දී, තරුණ විරෝධතාකරුවකු ඔහු අසලටම පැමිණ මුහුණට පිටිවලින් දමා ගසන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් මේ වනවිට අන්තර් ජාගය ඔස්සේ ප්‍රසිද්ධියට පත්වී ඇත.

(ඬේලිමේල්)


RECOMMEND POSTS