ප්‍රංශ ජනපතිගේ පක්ෂයට විශිෂ්ට ජයක්



ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පළමු වටයේ ප්‍රතිපල නිකුත් කෙරුණු අතර, ප්‍රංශයේ නව ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ මධ්‍යස්ථ පක්ෂයට විශිෂ්ට ජයක් හිමිවී ඇතැයි වාර්තා වේ.

මැක්රොන්ගේ ‘ඔන් මාර්ෂ්’ පක්ෂය සහ ඔවුන්ට හිතවාදී පක්ෂ ආසන 445 ක් දිනා ගැනීමට සමත් වූ බව මැතිවරණ බලධාරීහු නිවේදනය කළහ. ප්‍රතිශතයක් වශයෙන් මැක්රොන්ගේ ‘ඔන් මාර්ෂ් පක්ෂය සහ හිතවාදී ‘මෝ ඩෙම් පක්ෂය’ දිනාගත් ඡන්ද සංථ්‍යාව සියයට 32 කි.

ප්‍රංශ පාර්ලිමේන්තුව ආසන 577 කින් සමන්විත අතර, මැතිවරණයේ දෙවැනි වටය ලබන ඉරිදා (18) පැවැත්වීමට නියමිතය. මධ්‍ය දක්ෂිණාංශික පක්ෂයට හිමි කර ගැනීමට හැකිවූයේ සියයට 16 ක ඡන්ද ප්‍රතිශතයකි.

මැක්රොන් සහ ඔහුගේ පක්ෂය බලයට පත්වීමට පෙර ප්‍රංශයේ පාලක පක්ෂය වූයේ සමාජවාදී පක්ෂයයි. එම පක්ෂයට හිමිකර ගැනීමට හැකිවූයේ සියයට 7 ක ප්‍රතිශතයක් පමණි.

මැක්රොන් ප්‍රංශ ජනපති ධුරයට පත්වුණු අවස්ථාවේදී පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දීම සඳහා අගමැති ලෙස එඩුවාඞ් පිලීපේ පත් කළේය.

අගමැති ධුරයට එඩුවාඞ් පිලීපේ පත් කිරීමට තමන් ගත් තීරණය ඉතා නිවැරදි යැයි ලැබූ විශිෂ්ට ජයග්‍රහණය සමරමින් ජනපති මැක්රොන් කියා සිටියේය.

(රොයිටර්)


RECOMMEND POSTS