ප්‍රංශ ජනපති ඇමෙරිකාවේ



තෙදින නිල සංචාරයක් සඳහා ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සහ බිරිඳ ත්‍රොග්නෝව් ඇමෙරිකාවේ සංචාරයක නියැළෙති.

ප්‍රංශ ජනපති මැක්රොන් සහ බිරිඳ ඇමෙරිකාවේ සංචාරයකට පැමිණි පළමු අවස්ථාව මෙයයි. ප්‍රංශ ජනපති සහ බිරිඳ උණුසුම් ලෙස පිළිගැනීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා කටයුතු කළේ යැයි වාර්තා වේ.

පිරිස හමුවූයේ ඇමෙරිකන් ජනාධිපතිවරයකු වුණු ජෝර්ජ් වොෂින්ටන්ට අයත් ‘මවුන්ට් වර්නන්’ වතුයායේදීය. ට්‍රම්ප් යුවල, ප්‍රංශ ජනාධිපති සහ බිරිය වෙනුවෙන් විශේෂ රාතී භෝජන සංග්‍රහයක් පැවැත් වූ බවත් පැවැසෙයි.

පසුගිය වසරේ ප්‍රංශයේ බැස්ටීල් දින සැමැරුමට විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ ට්‍රම්ප්ය. ඒ, මැක්රොන්ගේ ආරාධනාවකට අනුවය. එහිදී ට්‍රම්ප් උණුසුම් ලෙස පිළිගැනීමට ප්‍රංශ ජනපති මැක්රොන් කටයුතු කළේය. රාත්‍රී භෝජන සංග්‍රහයට පෙර, ජනපති ට්‍රම්ප්, මෙලානියා මැක්රොන් සහ බිරිඳ සමඟ එක් පැළයක් රෝපණය කිරීමට ද අමතක නොකළහ.

ට්‍රම්ප් සහ මැක්රොන් අතරේ ද්වී පාර්ශ්වික සාකච්ඡා ද පැවැත්විණි. එහිදී, ප්‍රංශ ජනපතිවරයා, ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටියේ ප්‍රංශය සහ සෙසු බටහිර රටවල් එක් වී, ඉරානයේ න්‍යෂ්ටික කටයුතු සම්බන්ධයෙන් ඇති කරගත් එකඟතාව දිගටම පවත්වාගෙන යන ලෙසටය. ට්‍රම්ප් උත්සාහ ගන්නේ එම එකඟතාවෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීමටය.

(ඒ.එෆ්.පී)


RECOMMEND POSTS