පස්වැනි දිනටත් දරුණු ගැටුම්



වහා සටන් විමාරයකට යන්නැයි ජාත්‍යන්තරය කරන ඉල්ලීම් නොසලකා ආමේනියාව සහ අසර්බයිජානය අතර පස්වැනි දිනටත් දරුණු අවි ගැටුම් හටගත්තේය.

විදෙස් මාධ්‍ය වාර්තා කළ අන්දමට ගැටුම් හේතුවෙන් දෙපාර්ශ්වයේම මියගිය ගණන 100 දක්වා ඉහළ ගොස් තිබේ. ආමේනියා සහ අසර්බයිජාන  හමුදා එකිනෙකාට ෂෙල් වෙඩිවලින් සහ මිසයිලවලින් පහර එල්ල කර ගනිමින් සිටින බව පැවැසෙයි.

ආමේනියාව සහ අසර්බයිජානය අතර යුද ගැටුම් ආරම්භ වී ඇත්තේ නගොර්නෝ කරබාක් ප්‍රදේශය මුල්කොට ගනිමිනි. වෙන් වෙන්ව රටවල් දෙකක් ලෙස වෙන්වුවත්, ආමේනියාව සහ අසර්බයිජානය යනු අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවට අයත් පළාත් දෙකකි.  මත භේදයට තුඩුදුන් නගොර්නෝ කරබාක් ප්‍රදේශය ඇත්තේ අසර්බයිජානයේ වුවත්, එහි වාසය කරන බහුතරය ආමේනියානු වාර්ගික වැසියන්ය.

රුසියාව, ඉරානය, ඇමෙරිකාව සහ සෙසු යුරෝපා රටවල් ආමේනියාව සමඟ මිත්‍රත්වයක් ඇති කරගෙන තිබේ. රුසියාව ආමේනියා හමුදාවට සෘජුව සහාය පළ කරයි. අසර්බයිජානයේ සමීපතම මිතුරා වන්නේ තුර්කියයි. ඊට අමතරව බටහිර රටවල් කීපයක් අසර්බයිජානයට සහාය පළ කරයි.

නගොර්නෝ කරබාක් ප්‍රදේශය මුල්කොට ගනිමින් ගැටුම් පවතින්නේ දශක ගණනක් තිස්සේය. එම ගැටුම් යළි ඇවිළෙන්න වූයේ මීට දින 5 කට පෙරය. දශක ගණනක් තිස්සේ ගැටුම් පැවැතියත්, ඇමෙරිකාව, ප්‍රංශය, රුසියාව මැදිහත් වී, මින්ස්ක් සහයෝගීතාව හරහා, ආමේනියා අසර්බයිජාන් අර්බුදයට පිළියමක් ලෙස සාම වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීය. අවි ගැටුම් පැවැතියත් එම වැඩපිළිවෙළ තවමත් ක්‍රියාත්මක වෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS