නොබෙල් සාහිත්‍ය තෑග්ග ඇමෙරිකන් කිවිඳියකට



මෙම 2020 වසරේ සාහිත්‍යය වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් තෑග්ග ඇමෙරිකන් කිවිඳියක වන ලුවීස් ග්ලුක් පිරිනැමීමට තීරණය කළේ යැයි නොබෙල් ඇකඩමිය තීරණය කර තිබේ.

77 හැවිරිදි වියෙහි පසුවන ලුවීස් ග්ලුක් මේ වනවිට යේල් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියකි. මිත්‍යා සහ පුරාවෘත්ත පසුබිම් කර ගනිමින්, යථාර්ථවාදී කවි නිර්මාණය කළ කිවිඳියක ලෙස නොබෙල් කමිටුව ඇය හඳුන්වා දී තිබේ.

ලුවීස් ග්ලුක් 1993 දී 'වර්ල්ඩ් අයිරිස්' කාව්‍ය එකතුව වෙනුවෙන් පුලිට්සර් සම්මානයෙන් පිදුම් ලැබුවාය. 2014 දී ඇයට ඇමෙරිකානු 'ජාතික පුස්ථක' සම්මානය හිමිවූවාය. 2006 දී ඇය පළ කළ 'අවෙර්නෝ' නමැති කාව්‍ය එකතුව ඇගේ විශිෂ්ටතම නිර්මාණ එකතුව ලෙස විචාරකයන් බොහෝ දෙනාගේ පැසැසුමට ලක් වී තිබේ.

ස්ටොක්හෝම්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS