නෙදර්ලන්තයේ දෙවැනි රැල්ලක්



රට තුළ නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලක් ඇති වී තිබෙන බවත් එය කනස්සල්ලට කරුණක් බවත් නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය මාර්ක රටේ පැවැසීය.

‘‘වයිරසයේ දෙවැනි රැල්ලක් ඇති වී තිබෙනවා. එය කනගාටුවට කරුණක්. අපි අලුත් ක්‍රියාමාර්ග ගන්න ඕනෑ’’ යැයි නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයා කීය.

අවසන් පැය 24 ක කාලයේදී නෙදර්ලන්තයෙන් නව කොරෝනා වයිරස ආසාදිතයන් 2,777 දෙනකු වාර්තා වී ඇති අතර එය වාර්තාගත සංඛ්‍යාවකි.

‘‘මේ ගණන් දැඩි කනස්සලක් ඇති කරනවා. ඇති වී තිබෙන තත්ත්වය කනගාටුදායකයි. අපි නව ක්‍රියාමාර්ග ගන්න වුවමනා’’ යැයි සතිපතා මාධ්‍ය හමුවට එක්වෙමින් නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයා කීය.

රොයිටර්ස්


RECOMMEND POSTS