නිව්යෝක් දුම්රිය අනතුරින් 103 ක් රෝහලේ



ඇමෙරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයට අයත් ලෝන්ග් අයිලන්ඞ්හි මගී උමං දුම්රියක් පෙරේදා (4) පීලි පැනීමට ලක්වීමෙන් එක් මගියෙක් ජීවිතක්ෂයට පත්විය. රියැදුරු ඇතුළු තවත් මගීහු 103 ක් තුවාල ලැබූහ.

තුවාල ලැබූ කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවත් රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමින් ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කළේය.

පීලි පැනීමට ලක්වූයේ ඇට්ලැන්ටික් ටර්මිනල් උමඟ දිගේ ධාවනයවුණු දුම්රියකි. පිලී පැන්න දුම්රියේ මැදිරි 6 ක් දුම්රිය මාර්ගයෙන් පිටතට විසිවීගොස් උමං මඟ තුළ සිරවිණි. දුම්රියට දරුණු ලෙස හානි සිදුවිය. එම මැදිරිවල සිරවුණු පිරිස් බේරා ගැනීමට නිව්යෝක් නුවර ගිනි නිවන භටයෝ යුහුසුළුවූහ.

 

නිව්යෝක් නුවරදීය

(රොයිටර්)


RECOMMEND POSTS