නිල වශයෙන් කිරුළ බාර ගනී



ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා නිල වශයෙන් කිරුළ බාර ගැනීම සිදුවිය.

නරුහිතෝ අධිරාජ්‍යයා ජපානයේ අධිරාජ්‍යයා බවට පත්වූයේ පියා අකිහිතෝ අධිරාජ්‍යයා කිරුළ අත්හැරීමෙන් පසුවය. ඒ පසුගිය මැයි මාසයේය.

අද (22) සිදුවූයේ 59 හැවිරිදි නරුහිතෝ අධාරාජ්‍යයා නිල වශයෙන් කිරුළ බාර ගැනීමය. පසුගිය දා ‘හැගිබිස්’ සුළි කුණාටුව ජපානය කැළඹීය.

සුළි කුණාටුවට බිලිවුණු ගණන 80 කි. දස දහස් ගණනකට උන්හිටිතැන් අහිමිවිය. මේ හේතුවෙ නිසා කිරුළ දැරීමේ උත්සවයට අයත් පෙරහර නොපැවැත්විණි.

ජපානයේ සම්ප්‍රදායට අනුව, නරුහිතෝ අධිරාජ්‍යයා කිරුළ බාර ගැනීම ඉතා චාම් ආකාරයට පැවැත්විණි. එය නිහඬ උත්සවයක් ද විය. ජපන් අධිරාජ්‍යයා ලෙස නරුහිතෝ මුතු මැණික් සහ අසිපතකින් සැරැසී සිටියේය.

සම්භාවනීය අමුත්තෝ රැසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ. කිරුළ බාර ගැනීමේ අවස්ථාවට පැමිණි සම්භාවණීය අමුත්තන් අතර, බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු ද විය. මෙම අවස්ථාවට ලොව රාජකීකයෝ රැසක් ද සහභාගී වූහ.

මේ අතර, පාර්ලිමේන්තු සැසියක් අතරතුරේ ජපාන අගමැති ෂෙන්සෝ අබේ, නරුහිතෝ අධිරාජ්‍යයාට සුබ පැතුවේය. ඒ, ‘බන්සායි’ යැයි කියමිනි. ‘බන්සායි’ යනු ‘අධිරාජ්‍යයාට දීර්ඝායු’ යන අදහසය.


RECOMMEND POSTS