නවදිල්ලියේ දරුණු ගැටුම්



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එකිනෙකා හමුවී, ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගනිද්දී, අගමැති මෝදි ප්‍රමුඛ ඉන්දීය මධ්‍යම රජයට එරෙහිව නවදිල්ලි අගනුවර විරෝධතා රැලි පැවැත්විණි.

විරෝධතා රැලි පැවැත්වීම සිදුවූයේ ඉන්දීය මධ්‍යම රජය හඳුන්වා දුන් නව පුරවැසි පනතට විරෝධය දක්වමිනි.

විරෝධතා රැලි අතරතුරේ පුරවැසි පනතට විරෝධය දක්වන පිරිස් සහ ඊට පක්ෂපාතී පිරිස් අතර දරුණු ගැටුම් හටගත්තේය. එයින් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

දෙදින නිල සංචාරය අතරතුරේ ආන්දෝලනයට ලක් වුණු ඉන්දීය රජයේ නව පුරවැසි පනත සම්බන්ධයෙන් ඉන්දීය අගමැති මෝදිගෙන් විමසීමක් කිරීමට ද ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කටයුතු කළේය.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS