නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කාන්තාවක් ද ?



නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු පත් කරගැනීම සඳහා වන නාම යෝජනා ලබන මස 09 වනදා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකුගේ නම් ඒ සඳහා ඉදිරිපත් කරන බව ට්‍රම්ප් පවසා ඇත.

තමන් විශ්‍රාම ගැනීමට බලාපොරොත්තු වන බවට හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇන්තනී කෙනඩි පසුගියදා නිවේදනය කිරීමෙන් අනතුරුව එම ධුරය පුරප්පාඩු විය.

ට්‍රම්ප් විසින් ඉදිරිපත් කරන නාමයෝජනා අමෙරිකානු සෙනෙට්  සභාව විසින් සම්මත කිරීමෙන් අනතුරුව නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු පත්වනු ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය

( තිළිණි ද සිල්වා )

අල් ජසීරා.


RECOMMEND POSTS