නලිනිට අධිකරණයෙන් අවසරයක්



ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතන සිද්ධියට වරදකාරිය වී ජීවිතාන්ත සිරදඬුවම් විඳින නලිනි ශ්‍රීහරන්ට ඇගේ දියණියගේ විවාහ මංගල උත්සවය වෙනුවෙන් බන්ධනාගාරයෙන් පිටත යෑමට ඉඩ ලබා දී ඇත. ඒ දින 30 ක කාලයක් සඳහාය.

රජිව් ගාන්ධි ඝාතන සිද්ධියට සම්බන්ධ එල්ටීටීඊ බෝම්බ කල්ලියේ ජීවතුන් අතර සිටින එකම සාමාජිකාව වන මැයට මෙම ‘සහනය’ ලැබී ඇත්තේ විශේෂ අධිකරණ තීන්දුවකට අනුවය.

බන්ධනාගාර ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ නලිනි ශ්‍රීහරන්ට දියණියගේ විවාහ මංගල උත්සවයේ කටයුතුවලට සම්බන්ධ වීමට ඉඩ ලැබෙනු ඇති අතර, ඇයට මාධ්‍ය හමුවේ අදහස් දැක්වීම හෝ දේශපාලනඥයන් හමුවීම හෝ කළ නොහැකි බව පැවැසෙයි.

(ඉන්දීය පුවත් සේවා)


RECOMMEND POSTS