නය සමඟ වෙළෙඳ යුද්ධය නවත්වන්න



චීනය සමඟ පවතින වෙළෙඳ යුද්ධය කඩිනමින් නතර කරන්නැයි ඇමෙරිකාවේ ප්‍රසිද්ධ සප්තු නිෂ්පාදන සමාගම් රැසක් ඩොනල්ඞ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

වෙළෙඳ සමාගම් 173 ක් එක් වී, අත්සන් කළ ලියවිල්ලක් මේවනවිට ට්‍රම්ප්ට ලැබෙන්න සලස්වා ඇති බව ද පැවැසෙයි. මෙම සපත්තු සමාගම් ඔවුන්ගේ නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය බොහොමයක් ගෙන්වා ගැනීම සිදු කරන්නේ චීනයෙනි.

ඇමෙරිකාව සහ චීනය අතර පවතින අර්බුදකාරී තත්ත්වය මුල්කොට ගනිමින් එම කටයුතු මේ වනවිට අඩපණ වී ඇති බවත්, කම ව්‍යාපාර කටයුතුවලට බාධාවක් එල්ල වී ඇති බවත් ‘නයිකී’ වැනි සුප්‍රකට ඇමෙරිකන් වෙළෙඳ සමාගම් ජනාධිපති ට්‍රම්ප්ට පෙන්වා දී ඇත.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS