නත්තල් සමයේ ඉතාලිය වැසේ



‘කොවිඩ් 19’ වයිරස ව්‍යාප්තිය ඉහළ යා හැකි බැවින්, නත්තල් සමයේ ඉතාලිය වසා දැමීමට, එරට අග්‍රාමාත්‍ය ගුසෙප් කොන්තේ තීරණය කර තිබේ.

අදියර තුනක් යටතේ නත්තල් උත්සවය සහ නව අවුරුදු උදාව ඉලක්ක කර ගනිමින්, රට ලොක්ඩවුන් කරන බවත්, එසේ කරන්නේ ඉතාලි වැසියන් ආරක්ෂා කර ගැනීමට බවත් අග්‍රාමාත්‍ය කොන්තේ පැහැදිලි කර තිබේ.

ඒ අනුව, ලබන 24 සිට 27 දක්වාත්, දෙසැම්බර් 31 සිට ජනවාරි 3 දක්වාත්, ජනවාරි 5 සහ 6 දෙදිනත් ඉතාලිය වසා දැමේ. රට ලොක්ඩවුන් කෙරුණත් අත්‍යාවශ්‍ය සේවා සුපුරුදු පරිදි පවත්වාගෙන යන බව ද අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ආරම්භය සිදුවුණු බව පැවැසෙන්නේ මීට වසරකට පෙර චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරය කේන්ද්‍රකොට ගනිමිනි. චීනයෙන් පිට පළමුවෙන් වැඩිම මරණ සහ ආසාදිතයන් වාර්තා වූයේ ඉතාලියෙනි.

රෝමයේදීය (රොයිටර්)


RECOMMEND POSTS