නඩු කටයුතු වාර්තාකරණයෙන් මාධ්‍ය වැළැක්විය නොහැකියි



නඩු කටයුතු වාර්තාකරණයෙන් මාධ්‍ය වැළැක්විය නොහැකියි බවත්, යම් කිසි නඩු කටයුත්තක අවසන් තීරණය මෙන්ම අදාළ ක්‍රියාවලිය තුළ මතුවන සියලු කරුණු වාර්තා කිරීමෙන් බවත් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (03) මෙම තීන්දුව ලබා දුන්නේ එරට මැතිවරණ කොමිසම විසින් මදුරාසි මහාධිකරණය දුන් තීන්දුවකට එරෙහිව ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුවය.

මදුරාසි මහාධිකරණය තමන්ට එරෙහිව ලබා දුන් තීන්දුව කිසිදු සාක්ෂියක් පදනම් කර නොගෙන ලබා දුන් තීන්දුවක් බවට ඉන්දීය මැතිවරණ කොමිසම ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්විය.

මදුරාසි මහාධිකරණය පසුගියදා ඉන්දීය මැතිවරණ කොමිසමට එරෙහිව තීන්දුවක් දෙමින් සඳහන් කළේ කොවිඩ් 19 වසංගත තත්ත්වය තුළ මැතිවරණ ප්‍රචාරණ රැළි පැවැත්වීමට ඉඩ දීම තුළින් එම කොමිසම මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ වී ඇති බවටයි.

කිසිදු සාක්ෂියක් පදනම් කර නොගෙන ලබාදුන් මෙම තීන්දුවෙන් කොමිසමට විශාල හානියක් සිදුව ඇති බැවින්, මේ පිළිබඳව මාධ්‍ය විසින් වාර්තා කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහිදී ශ්‍රෙෂ්ඨාධිකරණය පෙන්වා දුන්නේ යම් නඩු කටයුත්තකදී අධිකරණයක් තුළ සිදුවන ක්‍රියාවලිය පිළිබඳව ජනතාව දැනගතයුතු බවය.

(තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS