දූෂකයන්ට මරණ දඬුවම



ඉන්දියාවේ ප්‍රාන්ත රැසකින් පසුගිය දිනවල කුඩා දැරියන් දූෂණයට ලක්වීමේ සිදුවීම් සැලකිල්ලට ගෙන, එවැනි අපරාධවලට සම්බන්ධ පුද්ගලයන්ට මරණ දඬුවම ලබා දීමේ නව නීතියක් සකස් කිරීමට ඉන්දීය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් විශේෂ කැබිනට් හමුවක් පැවැත්වුණු අතර එහිදී මෙම නව නීතිය සකස් කිරීම සම්බන්ධයෙන් තීරණය කෙරුණු බව ද වාර්තා වේ.

ඉන්දියාවේ කුඩා දැරියන් පමණක් නොව, කාන්තාවන් ද නිරන්තරයෙන් අතරවරයට ලක් වෙයි. ඇතැම් අවස්ථාවලදී තරුණියන් සමූහ දූෂණයට ද ලක් වී ඝාතනය කෙරේ.

ස්ත්‍රී දූෂණ චෝදනාවලට ලක් වී වරදකරුවන් වන චූදිතයන්ට හිමිවන දඬුවම ලිහිල් බවත්, අපරාධ නැවැත්වීමට නම් නව නීති සකස් කළ යුතු බවත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ අදහස වී තිබේ.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS