දිළිඳු කාන්තාවන් චීනයට විකුණලා



පාකිස්තානයේ දිළිඳු කෙල්ලන් සහ කාන්තාවන් 600 කට වැඩි දෙනකු වසර දෙකක කාලයක් ඇතුළත මනාලියන් ලෙස චීනයට විකුණා ඇතැයි වාර්තා ඇමෙරිකාව කේන්ද්‍රකොට ගත් ඇසෝසියේටඞ් ප්‍රෙස් පුවත් සේවය අනාවරණය කර තිබේ.

ඇසෝසියේටඞ් ප්‍රෙස් පුවත් සෙවය වාර්තා කර ඇති අන්දමට, මනාලියන් ලෙස චීනයට නිකුණූ පිරිස 629 කි. කෙල්ලන් සහ කාන්තාවන් චීන ජාතිකයන්ට විකිණීම සිදු කර ඇත්තේ මිනිස් ජාවාරම් කල්ලි හරහා යැයි ද පැවැදෙයි. මෙය සිදුවී ඇත්තේ 2017 සහ 2018 වසරවලදීය.

වත්මන් ඉම්රාන් ඛාන් අගමැතිවරයාගේ රජය මැදිහත් වී විමර්ශන පවත්වා, මිනිස් ජාවාරම් කල්ලිය මැඬලීමට උත්සාහ ගත් බවත්, එම කල්ලි අඩපණ කිරීමට හැකිවුණු බවත් පැවැසෙයි. ඒ, පසුගිය ජූනි මාසයේ සිටය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS