දිල්ලි මහ ඇමැතිට මෝදිගේන් සුබ පැතුම්



දිල්ලි මහ ඇමැතිවරයා ලෙස දිවුරුම් දුන් ‘ආම් ආද්මී’ හෙවත් ‘පොදු මිනිසා’ පක්ෂයේ නායක අරවින්ද් කෙජ්රිවාල්ට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් උණුසුම් සුබ පැතුම් ලැබී ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දිල්ලි මහ ඇමැති කෙජ්රිවාල්ට සුබ පැතුම් ට්විටර් පණිවුඩයක් හරහාය. කෙජ්රිවාල් දිල්ලි මහ ඇමැති ලෙස දිවුරුම් දුන්නේ තෙවැනි වරටය.

නවදිල්ලි අගනුවර රාමිල්ලා ක්‍රීඩාංගනයේ පැවැති දිවුරුම්දීමේ උත්සවයට සහභාගී වෙන්නැයි කෙජ්රිවාල් ප්‍රමුඛ ඔහුගේ ආම් ආද්මී පක්ෂය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ඇරැයුම් කර තිබුණි. කෙසේ නමුත් කෙසේ නමුත් අගමැති මෝදි වරණාසි බලා ගොස් සිටි බැවින් ඔහුට දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීමට හැකියාවක් ලැබුණේ නැත.

‘ඔබතුමා දිවුරුම්දීමේ උත්සවයට පැමිණියේ නම් හොඳයි. සෑම ඉන්දියානුවකුම වෙනුවෙන් ඉදිරියට අපි එක් වී වැඩ කරමු.’ යැයි අගමැති මෝදිගේ සුබ පැතුමට පිළිතුරු දෙමින් කෙජ්රිවාල් සිට ට්විටර් ගිණුම ඔස්සේ පිළිතුරක් යැවීය.

භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් ප්‍රාන්ත මැතිවරණයෙන් ජයග්‍රහණය කළ භාරතීය ජනතා පක්ෂ නියෝජිතයෝ මහ ඇමැති කෙජ්රිවාල්ගේ ආරාධනය පරිදි දිවුරුම්දීමේ උත්සවයට පැමිණ සිටියහ.

දිල්ලි ප්‍රාන්ත සභාවේ ආසන 70 කි. එයින් ආසන 62 ක් දිනා ගැනීමට ආම් ආද්මී පක්ෂය සමත් විය. මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ද ප්‍රාන්ත මැතිවරණයට ඉදිරිපත් වූ නමුත්, දිනා ගැනීමට හැකිවූයේ ආසන 9 ක් පමණය. ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂයට කිසිදු ආසනයක් දිනා ගැනීමට හැකි  වූයේ නැත.

නවදිල්ලියේදීය (එන්.ඩී.වීටී.)


RECOMMEND POSTS