දිල්ලි බලධාරීහු අගමැති කාර්යාලයේ



නවදිල්ලි අගනුවර ඉහවහා ගිය විස දුමාරය සම්බන්ධයෙන් ගතහැකි ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට, දිල්ලි බලධාරීන් පිරිසක් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ කාර්යාලයට කැඳවා ඇතැයි වාර්තා වේ.

අගමැති මෝදි වෙනුවෙන් දිල්ලි බලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වීම සිදු කරනු ලබන්නේ අගමැති ලේකම් පී.කේ. මිෂ්රා යැයි ද පැවැසෙයි. අගමැති නරේන්ද්‍ර මෝදි, ආසියාන් සමුළුව සඳහා තායිලන්තයේ බැංකොක් අගනුවර බලා ගොස් සිටී.

(එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS