දිනකදී වික්ටෝරියාවේ මරණ 10 ක්



ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගතවුණු පැය 24 ඇතුළත මරණ 10 ක් වාර්තා වී ඇතැයි ප්‍රාන්ත ආණ්ඩුකාර ඩැනියෙල් ඇන්ඩෲස් පැවැති මාධ්‍ය හමුවේ දී කියා සිටියේය.

මෙසේ මියගියේ පිරිමි 7 දෙනකු සහ කාන්තාවන් තිදෙනකි. පිරිමි හත් දෙනා අතර 40 හැවිරිදි අයෙකු ද වෙයි. ඕස්ට්‍රේලියාවේ 40 හැවිරිදි අයකු කොරෝනා ආසාදනය වී මියගිය පළමු අවස්ථාව මෙයයි.

මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තය ලොක්ඩවුන් කර ඇති අතර ප්‍රාන්තයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන 459 කි. වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වන මරණ 71 කි. සමස්ත ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන මරණ ගණන 228 කි. ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 14,400 කි.

මෙල්බර්න්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS