දලයි ලාමාට යළිත් චීනයෙන් විරෝධයක්



 
ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලායි ලාමා හිමියන්ට ඉන්දු-චීන දේශසීමාවේ පිහිටි ඉන්දියාවට අයත් කොටසේ සංචාරයක නිරතවීම ට ඉන්දියාව කර තිබෙන ආරාධනාව චීනයේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.
 
ඉන්දීය මධ්‍යම ආණ්ඩු පරිපාලනයේ තිබෙන හිමාල ප්‍රදේශයක් වන අරුනාචල් ප්‍රදේශයේ සංචාරයක නිරත වැන්නැයි  ඉන්දියාව ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලායි ලාමා හිමියන්ටට ආරාධනාවක් කර තිබේ. දලායි ලාමා හිමියන් මතභේදයට තුඩු දී තිබෙන මෙම ප්‍රදේශයේ සංචාරයක නිරත වීම ඉන්දු-චීන සබඳතාවලට හිතකර නොවන බව ද චීන පරිපාලනය පෙන්වා දී තිබේ.
 
 
ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලායි ලාමා හිමියන් සංචාරය කිරීමට නියමිත ප්‍රදේශය දකුණු දිග ටිබෙටය තමන්ට අයිති බව චීනය ප්‍රකාශ කරන අතර ඉන්දියාව එම කොටස තමන්ට අයිති බව ප්‍රකාශ කරයි. දලායි ලාමා හිමියන් නිරන්තරයෙන් විවේචනය කරන චීනය උන්වහන්සේ බෙදුම්වාදියකු යැයි ද චෝදනා කරයි.
 
දලයි ලාමා හිමියන්ගේ සංචාරයට දැඩි විරෝධය පළ කරන චීනය ඉන්දීය නියෝජිතයන්ට කිසිදු බුරුලක් නොදෙන බව ද චීන විදේශ අමාත්‍ය ප්‍රකාශිකා හූ චුන්ග්යින්ග් මාධ්‍ය හමුවක් පවත්වමින් කීවාය.
 
 
චීනයේ අදහස් නොවිසමින් චීනයේ ප්‍රතිපත්ති නොසලකමින් මෙවැනි සංචාරයක් සූදානම් කරමින් ඉන්දියාවේ චීනයේ ලැදිකම්වලට හානි සිදු කර ඇති අතරම චීන-ඉන්දු සබඳතාවලට ද හානි සිදුවනු ඇතැයි ද ඇය තවදුරටත් ප්‍රකාශ කළාය. 
 
හර්ෂණ තුෂාර සිල්වා
රොයිටර් ඇසුරිනි

RECOMMEND POSTS