දකුණු සුඩාන සාම සැලැස්ම අර්බුදයක



දකුණු සුඩාන ජනාධිපති සල්වා කීර් සහ එරට කැරැලි නායක රීක් මෂාර් අතරේ විශේෂ හමුවක් 16 පැවැත්විණි. ඒ, හටගෙන ඇති අර්බුදය විසඳමින් ඒකීය රාජ්‍යයක් ස්ථාපිත කිරීමේ අරමුණින්ය.

දකුණු සුඩාන ජනාධිපති සල්වා කීර් සහ කැරැලි නායක රීක් මෂාර් මේ අයුරින් එකිනෙකා හමුවී සාකච්ඡා කළේ ජාත්‍යන්තරයෙන් එල්ල වුණු බලපෑම් හමුවේය.

දකුණු සුඩානයේ පවතින ‘බල අරගලය’ කඩිනමින් සාමකාමීව විසඳා ගන්නැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා ද දකුණු සුඩාන ජනපතිටත්, කැරැලි නායක රීක් මෂාර්ටත් පවසා තිබේ.

දකුණු සුඩානයේ පවතින ගැටුම් හේතුවෙන් ලක්ෂ 4 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් ව ඇත. ගැටුම් නිර්මාණය වූයේ සුඩානය දෙකඩ වී දකුණු සුඩානය ලෙස නව රටක් බිහිවීමෙන් පසුවය. දකුණු සුඩානය සහ සුඩානය අප්‍රිකා රටවල්ය.

බලය බෙදා ගනිමින් ඒකීය රාජ්‍යයක් පිහිටුවීමට ජනාධිපති සල්වා කීර් ඉදිරිපත් කළ සාම සැලැස්ම සම්බන්ධයෙන් තමන්ට සෑහීමකට පත්විය නොහැකි යැයි කැරැලි නායක රීක් මෂාර් පවසා තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS