දකුණු කොරියාවේ ගිය ශ්‍රමිකයින් සංඛ්‍යාව සියයට 32 කින් වැඩිවේ



පසුගිය වසර තුළ දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව සියයට 32 කින් වැඩිවී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කර සිටී.

පසුගිය වසරේදී ශ්‍රමිකයන් 6629 දෙනෙකු දකුණු කොරියාව බලා පිටත්ව ගොස් ඇති බවත් ඒ අනුව 2015 වසරට වඩා පසුගිය වසර තුළඳී කොරියා රැකියා සඳහා ගිය පිරිසෙහි වර්ධනයක් පවතින බව එම කාර්යාංශය කියා සිටී.

2015 වර්ෂයේ දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාව 5007 කි.

ගෙවුණු වසර තුළ ධීවර අංශයේ රැකියා සඳහා 1319 දෙනෙකුද, නිෂ්පාදන අංශයේ රැකියා සඳහා මෙරට ශ්‍රමිකයින් 3513 දෙනෙකුද දකුණු කොරියාව බලා පිටත්ව ගොස් ඇත. මොවුන් සියලු දෙනමෙ කොරියා භාෂා ප්‍රවීනතා විභාගය සමත් වුවන් වෙති.

 

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS