තෙල් සමාගම්වලට එරෙහිව මිතුරු වෙති



බ්‍රසීලයේ ඇමෙසන් වැසි වනාන්තරය ආශ්‍රිතව ගෝත්‍රික වැසියෝ ඔවුන් එකිනෙකා අතර පවතින එදිරිවාදිකම් පසෙකලා, වනාන්තරය වනසන තෙල් සමාගම්වලට විරෝධය දැක්වීමට එකමුතු වී සිටිති.

මෙම ගෝත්‍රික වැසියෝ පසුගිය දා උතුරු දිග බ්‍රසීලයේ පැවැති විශේෂ සමුළුවකට එක් වී, වනාන්තර ආරක්ෂා කිරීම වෙනුවෙන් එකමුතු වූහ. තෙල් සමාගම්වලට වනාන්තරය හිතුමතේ විනාශ කිරීමට අවසර දී ඇත්තේ බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝය.

බොල්සරානෝගේ මෙම ප්‍රතිපත්තිවලට තමන් විරෝධය දක්වන බවත්, ඇමෙසන් වනය ආරක්ෂා කිරීම වහා කළ යුතු බවත් මෙම ගෝත්‍රික ප්‍රජාව රැස්ව සිටි මාධයවේදීන්ට පැවැසූ බව ද වාර්තා වේ.

(බී.බී.සී.)


RECOMMEND POSTS