තුවාලකරුවන් බලන්න අරියානා රෝහලට ගිහිල්ලා



එංගලන්තයේ මැන්චෙස්ටර් නුවර බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ දරු දැරියන්ගේත්, තරුණ යුවතියන්ගේත් සුවදුක් විමසා බැලීමට ඇමෙරිකන් ගායිකා අරියානා ග්‍රාන්දේ කටයුතු කළාය.

ගායිකා අරියානා රෝගීන් බැලීමට ගියේ මැන්චෙස්ටර් රාජකීය ළමා රෝහලටය. අරියානාගේ පැමිණි තුවාල ලබා සිටින තම දියණියට මහත් සතුටක් ගෙන දුන්නැයි ප්‍රතිකාර ලබන එක් දැරියකගේ පියකු මාධ්‍ය හමුවේ කියා සිටියේය.

මැන්චෙස්ටර් නුවර මැන්චෙස්ටර් රඟහලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වෙද්දී, රඟහලේ පැවැත්වෙමින් තිබුණේ අරියානාගේ ප්‍රසංගයකි. බෝම්බකරු සල්මාන් අබේදී යනුවෙන් හඳුනා ගන්නා ලදී. ප්‍රහාරයේ 22 ක් ජීවිතක්ෂයට පත්වූහ. බොහෝ දෙනෙක් තුවාල ලැබූහ. ඔවුන්ගෙන් වැඩි දෙනා තරුණ ගැහැනු ළමුන්ය.

මේ අතර මැන්චෙස්ටර් ප්‍රහාරයෙන් මියගිය තුවාල ලැබූවන් සිහි කරමින්, ‘වන් ලව්’ නමින් සංගීත ප්‍රසංගයක් ‘ඔල්ඞ් ට්‍රැෆෝඞ්’ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන අතර ගායිකා අරියානා ග්‍රාන්දේ ඊට සහභාගී වන්නීය.

පසුගිය 22 වැනිදා එල්ල වුණු එම ප්‍රහාරයෙන් පසු අරියානා ග්‍රාන්දේ යළි ඇමෙරිකාව බලා ගියාය. ප්‍රහාරය හේතුවෙන් ඇය මහත් සේ කම්පනයට පත් වී සිටි බව පසුව දැනගන්න ලැබුණි. ඇය යළි එංගලන්තයට පැමිණියේ ‘වන් ලව්’ ප්‍රසංගය වෙනුවෙනි. ‘වන් ලව්’ ප්‍රසංගයට අරියානා පමණක් නොව, ජස්ටින් බේබර් සහ අෂර් ද සහභාගී වෙති.

(බී.බී.සී.)


RECOMMEND POSTS