තායිවානයේ පළමු කොරෝනා මරණය



‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් තායිවානයෙන් පළමු මරණය වාර්තා විය.

මියගොස් ඇත්තේ අවුරුදු 60 ක් වයසැති කුලී රථ රියැදුරෙකි. ස්වසන අපහසුතා හේතුවෙන් මොහු රෝහල් ගත කර ඇත්තේ, පසුගිය 3 වැනිදාය.

මෙම පුද්ගලයාට වයිරසය ආසාදනය වී ඇතැයි හඳුනා ගැනීමත් සමඟ ඔහු නිරෝධායනය කර තැබීමට රෝහල් බලධාරීහු කටයුතු කළහ. නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් මෙම පුද්ගලයා මියගිය බව තායිවාන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මෙම පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන්ට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවත්, ඔවුන් නිරෝධායනය කර ප්‍රතිකාර ලබා දෙන බවත් තායිවාන සෞඛ්‍ය අමාත්‍ය ෂෙන් චී මාධ්‍ය හමුවේ පවසා ඇත.

තායිපේහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS