ත්‍රස්තවාදයට අනුග්‍රහය දීම ඇමෙරිකාව නවත්වන්න ඕනෑ: ඇමෙරිකන් මන්ත්‍රීවරියක කියයි



ඔබාමා පරිපාලනය යටතේ ඇමෙරිකාව පැහැදිලිවම සිරියාවේ ‘ත්‍රස්තවාදී’ සංවිධානවලට සහාය සහ අනුග්‍රහය ලබා දීමට කටයුතු සකස් කරදී ඇති බවත් එය වහා නැවැත්විය යුතු බවත් ඇමෙරිකන් මන්ත්‍රීවරියක වන තුල්සි ගැබාර්ඞ් අවධානය කරයි.

තුල්සි ගැබාර්ඞ් නියෝජනය කරන්නේ හිටපු ජනාධිපති ඔබාමාගේ ඩිමොක්‍රටික් පක්ෂයයි. මැය පසුගිය දා රහසේම සිරියාවේ ඩමැස්කස් අගනුවර සංචාරයක යෙදුණාය. එහිදී ඇය සිරියානු රජයේත්, විපක්ෂයේත් නියෝජිතයන් හමුවී සාකච්ඡා කළාය.

එම සංචාරයේදී තමාට ‘සිරියාවේ සැබෑ තත්ත්වය’ දකින්න ලැබුණු බවත් ඇමෙරිකාව ත්‍රස්තවාදීන්ට සහාය පළ කරන බවත් මන්ත්‍රිණී තුල්සි ගැබාර්ඞ් වැඩි දුරටත් කියා සිටී.

මේ අතර ඇමෙරිකාවේ නව ජනාධිපති රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත්තේ සිරියාවේ ක්‍රියාත්මක අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන්ට කිසිදු සමාවක් නොදෙන බවටය.

 

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS