ත්‍රස්තයන් පහරදෙද්දී පිලිපීන බන්ධනාගාරයකින් 150 ක් පනිති



ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයක් අතරතුරේ පිලිපීන බන්ධනාගාරයකින් රැඳෙවියන් 150 කට වැඩි පිරිසක් පලා ගොස් ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි.

එම ඉස්ලාමීය ත්‍රස්තවාදීන් කඩා වැදී පහර දුන්නේ දකුණුදිග පිලිපීනයේ කිඩැපවෝන් නුවර බන්ධනාගාරයටය. ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ බන්ධනාගාරයේ සිටි ඔවුන්ගේ සාමාජිකයන් කිහිප දෙනකු බේරා ගැනීමය. මැෂින් තුවක්කුවලින් වෙඩි තබමින් ත්‍රස්තවාදීන් 100 කට ආසන්න පිරිසක් බන්ධනාගාරයට කඩා වැදුණු බව බන්ධනාගාර බලධාරීහු පවසති. 

බන්ධනාගාර නිලධාරීන් සහ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් ත්‍රස්තයන්ට ප්‍රති ප්‍රහාර එල්ල කරන්න වූ අතර දෙපිරිස අතර පැය දෙකක් තිස්සේ දරුණු අවි ගැටුම් පැවැතිණි. ත්‍රස්තවාදීන් කළ වෙඩි තැබීම්වලින් බන්ධනාගාර නියාමකවරයකු මියගොස් තවත් පස් දෙනෙක් තුවාල ලැබූහ. රැඳෙවියන් බන්ධනාගාරය වට කොට ඇති තාප්පයේ කටු කම්බි මතට ඇද ඇතිරිලි දමා තාප්පයෙන් පැව පලා ගියේ එම අවස්ථාවේදී යැයි බන්ධනාගාර බලධාරීහු පසුව පැවැසූහ.

 

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS