ත්‍රස්ත බියෙන් ජර්මන් සංගීත ප්‍රසංගයක් නවතී



බටහිර ජර්මනියේ රොක් සංගීත සැණකෙළියක් හිටිහැටියේ අවලංගු කර දැමීමට සංවිධායකයන්ට සිදුවිය. ඒ, ප්‍රසංගය ඉලක්ක කර ගනිමින් ඉස්ලාමීය ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වේවි යැයි බියක් හටගත් නිසාය.

‘රොක් ඇන්ඞ් රිංග්’ යන නමින් නම් කළ එම ප්‍රසංගය මෙවර පැවැත්වීමට නියමිතව තිබුණේ 30 වැනි වරට වීම සුවිශේෂත්වයකි. 85,000 ක පිරිසක් ඊට සහභාගීවීමට සූදානමින් සිට ඇත. මෙම සැණකෙළිය දින කිහිපයක් පුරා පැවැත්වීමට නියමිතව තිබුණි. ප්‍රසංගය නවත්වන බව සංවිධායකවරු දන්වා ඇත්තේ එය ආරම්භ වීමට මිනිත්තු කිහිපයක් තිබියදීය.

ඒ වනවිටත් සැණකෙළිය පැවැත්වීමට නියමිත භූමියට බොහෝ දෙනකු පැමිණ කඳවුරු බැඳගෙන සිට ඇත. ඒ සැම දැඩි ලෙස සෝදිසි කිරීමකට ලක් කෙරුණු බව පොලිසිය කියයි.

(බී.බී.සී.)


RECOMMEND POSTS