ත්‍රස්ත කල්ලි වයිරසය ගැන බොරු කියනවා



අයි.එස්. සහ අල් කයිඩා ඇතුළු ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් මිත්‍යා මතවාද පතුරුවන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය චෝදනා නගයි.

මෙසේ චෝදනා නගා ඇත්තේ එක්සත් ජාතීන්ගේ අන්තර් කලාපීය අපරාධ කටයුතු සහ නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පිහිටුවා ඇති ජගත් ආයතනයයි.

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය දෙවියන් විසින්, බටහිර රටවල් අඩපණ කිරීමට කළ දඩුවමක් සහ සාපයක් යැයි ත්‍රස්ත සංවිධාන පවසයි.

මෙම වයිරසය ජීව අවියක් ලෙස යොදා ගනිමින් බටහිර රටවලට පහර දීමට හැකි බව ද අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය සහ අල් කයිඩාව ඔවුන්ගේ අනුගාමිකයන්ට පවසා තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS