ඩොනල්ඩ් ට්‍රම්ප් උපන්නේ පාකිස්තානයේලු - ජනාධිපතිධුරයටත් ප්‍රශ්නයක්



(මිරර් වෙබ් අඩවිය ඇසුරිනි)
ඇමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිත මුස්ලිම් අන්තවාදීන් දැඩි ලෙස හෙළා දකින කෝටිපති ව්‍යාපාරික ඩොනල්ඞ් ට්‍රම්ප් උපත ලබා ඇත්තේ 1946 වසරේ පාකිස්තානයට අයත් උතුරු වසිරිස්තානයේ බවත්, ඔහුගේ උපන් නම දාවුඩ් ඊබ්‍රහීම් ඛාම් බවත් අන්තර් ජාල පුවත් සේවා රැසක් ඊයේ (18) අනාවරණය කළේය.
අන්තර් ජාල පුවත් සේවා මෙම පුවත උපුටා දක්වමින් ප්‍රසිද්ධි කළේ සමාජ ජාල තොරතුරු ඇසුරිනි. සමාජ ජාලවලට එම තොරතුරු ලබා සහ ඡායාරූප ලබා දී ඇත්තේ උතුරු වසිරිස්තානයේ වැසියන් යැයි ද පැවැසෙයි.
එම ඡායාරූප අතර එක් ඡායාරූපයක තඹ පැහැයෙන් යුත් හිස කෙස් ඇති කුඩා දරුවකු සිටින අතර ඔහු ට්‍රම්ප් එසේත් නැතිනම් දාවුඩ් ඊබ්‍රහීම් ඛාම් බව පැවැසෙයි.
ට්‍රම්ප් උතුරු වසිරිස්තානයේ උපත ලැබූ බව එම පළාතේ වැසියෝ සහතික වෙති. එම වැසියන් පවසන අන්දමට, ජනපති ධුරයට පත්වීමෙන් පසු මුස්ලිම්වරුන්ට එරෙහිව දළදඬු තීරණ ගැනීමට කටයුතු කරනවා යැයි පවසා ඇති ට්‍රම්ප්, මැඩ්රාසා පාසලකින් මූලික අධ්‍යාපනය ලබා ඇත.
ලොව කැළැඹූ මෙම නව හෙළිදරව්වට අනුව, 1954 දී ට්‍රම්ප්ගේ මව සහ පියා රිය අනතුරකින් ගියහ. විශ්‍රාම ගිය බ්‍රිතාන්‍ය හමුදා කැප්ටන්වරයෙකු කුඩා ට්‍රම්ප් ලන්ඩන් නුවරට ගෙන ගොස් ඇති අතර, ට්‍රම්ප් පවුල ඔහු දරුකමට හදා ගැනීමට කැමැත්ත පළ කර ඇත. ඒ, 1955 වසරේදීය.
‘නියෝ නිවුස්’ රූපවාහිනී පුවත් සේවය මෙය වාර්තා කළේ ‘විශ්වාස කරන්නත් බෑ. ඩොනල්ඞ් ට්‍රම්ප් උපන්නේ පාකිස්තානයේ. ඇමෙරිකාවේ නොවේ’ යනුවෙනි.
පාකිස්තානයට අයත් උතුරු වසිරිස්තානය යනු තලේබාන් සහ අල් කයිඩා ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගේ තෝතැන්නකි.
මෙය ‘මඩ පුවතක්’ යැයි ලොව  ප්‍රධාන පෙළේ පුවත් සේවා වාර්තා කර ඇති අතර, ඔවුන් වැඩි දුරටත් පවසා ඇත්තේ මෙය ‘පුවතක්’ වී ඇත්තේ ඕපාදූපකාරයන්ට පමණක් කියාය.
කෙසේ නමුත් 70 හැවිරිදි වියෙහි පසුවන, ඇමෙරිකාවේ 45 වැනි ජනපති ලෙස තේරී පත්වුණු ට්‍රම්ප්, ඇමෙරිකාවේ උපත ලැබූවකු නොවන බව යම්හෙයකින් තහවුරු වුවහොත්, ඔහුට ඇමෙරිකාවේ ජනපති ධුරයට පත් විය නොහැකිය. ඇමෙරිකානු ව්‍යවස්ව අනුව, ඇමෙරිකාවේ ජනාධිපති වීමට නම් ඇමෙරිකාවේ උපත ලැබූ අයකු විය යුතුමය.
2008 වසරේ දී පළමු කළු ජාතික ජනාධිපතිවරයා ලෙස බැරැක් ඔබාමා ඇමෙරිකාවේ 44 වැනි ජනපති වූ අවස්ථාවේදී, ඔබාමාගේ පියා කෙන්යානු ජාතිකයකු වීම නිසා ඔහු ජනපති ධුරයට පත්වීම සම්බන්ධයෙන් රිපබ්ලිකන් පාක්ෂිකයෙක් ප්‍රශ්න රැසක් මතු කළේය. ඔබාමා උපත ලබා ඇත්තේ හවායිහිදීය.
හවායි දූපත් ඇමෙරිකාවේ කොටසකි.ඔබාමාගේ උප්පන්න සහතිකය ගැන නොයෙක් නොයෙක් ප්‍රශ්න අසමින්, ඔබාමාට ‘මඩ ප්‍රහාර’ එල්ල කළ එම රිපබ්ලිකන් පාක්ෂිකයා ඩොනල්ඞ් ට්‍රම්ප්ය.
ට්‍රම්ප් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත්වුණු මෙම නව හෙළිදරව්වෙන් පසු, ට්‍රම්ප්ගේ ‘උප්පත්තිය’ සම්බන්ධයෙන් දිගින් දිගටම ගැටලු මතුවුවහොත් ට්‍රම්ප්ට සිය උපත සහතික කිරීමට ඩී.එන්.ඒ. පරීක්ෂණයකට යොමු වීමට සිදුවනු ඇතැයි විදෙස් පුවත් සේවා පැහැදිලි කරයි.


RECOMMEND POSTS