ඩොනල්ට් ට්‍රම්ප් මුහුණට මුහුණ හමුවන්න කැමතියි - රුසියන් ජනපති පුටින්



ඇමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හමුවීමට තමා කැමැත්තෙන් පසුවන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇතැයි රුසියන් පුවත් සේවා වාර්තා කරයි.

ජනපති ධුරයට පත්වීමට පෙර සිටම ඩොනල්ඞ් ට්‍රම්ප් දිගින් දිගටම කියා සිටියේ රුසියාව සමඟ යහපත් සබඳතා ඇති කර ගන්නා බවය. කෙසේ නමුත් තමා පුටින් හමුවීමට යනවා ද නැතිනම් පුටින්ට ඇමෙරිකාවට එන්නැයි ආරාධනා කරනවා ද යන්න මෙතෙක් ට්‍රම්ප් පවසා නැත.

ඔබාමා පරිපාලනය අනුගමනය කළේ පුටින් විරෝධී රුසියානු විරෝධී ප්‍රතිපත්තියකි. ට්‍රම්ප් ජයග්‍රහණය කළ ජනපතිවරණයට රුසියාවෙන් සයිබර් ප්‍රහාරයක් එල්ල වුණැයි ද ඔබාමා පරිපාලනය පමණක් නොව, ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශය ද චෝදනා කර ඇත.

සයිබර් ප්‍රහාරයක් එල්ල වුණැයි කියන කාරණාව ට්‍රම්ප් ද පිළිගෙන ඇති නමුත් ඔහු රුසියාවට එරෙහිව ඒ ගැන කිසිදු පියවරක් ගන්නා බව පවසා නැත. ට්‍රම්ප් දිවුරුම් දුන් අවස්ථාවේදී ද කියා සිටියේ ලෝකයේ සෙසු රටවල් සමඟ යහපත් සබඳතා ඇතිකර ගන්නා බවය.

 

(රොයිටර්)


RECOMMEND POSTS